රේස් බුකීවලට විරුද්ධ නම් ඊට එරෙහිව හඬක් නගන්න.කැසිනෝ කියන්නේ පුංචි එකක්- ඇමැති එස්.බී. කියයි.| If opposed to race bookies voice against it; a request from Minister S B

හිරු ටී.වී. තුළින් විකාශය කරන බලය සංවාදාත්මක දේශපාලන වැඩසටහන මෙවර මාතෘකාව වූයේ නව ආයෝජන සහ ශී‍්‍ර ලංකාව යන්නයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක එක්ව සිටියා.
රේස් බුකී වලට විරුද්ධ නම් ඒවා වසා දැමීමට හඬක් නඟන ලෙස මෙහිදී එක් අවස්ථාවක දී අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කළා. ඒ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්තී‍්‍රවරයා සමග ඇති වූ සංවාදකයදීයි.
මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා :- ඔව් ඔබතුමා කිව්වා මේ කැසිනෝ කියන්නේ මේ පුංචි.... එකක් කියලා.
ඇමති එස්.බී. දිසානායක :- නෑ..... පුංචි එක කියලා මම කිව්වේ අපේ රටේ ඇත්තටම ඔයාලගෙත් ආණ්ඩුවක් තිබ්බනේ....
මෙම සංවාදය සහ බලය වැඩසටහනේ තවත් උණුසුම් අවස්ථා කිහිපයක් පහතින් නරඹන්න.....
Post a Comment