අම්බලන්ගොඩ කළුවඩුමුල්ල, ශ්‍රී විජයාරාමයේ විහාරාධිපති රුහුණු සරසවියේ බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය විලේගොඩ අරියදේව ස්වාමින් වහන්සේ පැවිදිබිමට එළඹ අදට (30) වසර 50කි. මේ නිමිත්තෙන් විශේෂ උත්සවයක් අද පෙරවරුවේ එකී විහාරස්ථානයේදී පැවැත්විණ. විශේෂත්වය වූයේ එහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ඇමති විමල් වීරවංශ මහතා සහභාගි වීමයි. අරියදේව ස්වාමින් වහන්සේ කලක් ජවිපෙ සමග සමීප ඇසුරක් පැවැත් වූ හිමිනමක් බව පැවසෙයි.
එම මිතුදම නිසාම උන්වහන්සේ ජවිපෙ හිටපු ක්‍රියාකාරී සමාජික වත්මන් විමල් වීරවංශ ඇමතිට සිය භික්ෂු දිවියේ කඩඉමක් තැබූ උත්සවයට ආරාධනා කර ඇති බව කියැවෙයි. එහිදී හිමිනම කේක් කපා ඇමතිට කැවූ අයුරුද කැමරාවේ අපූරුවට සටහන්ව තිබුණි. වසර 50ක් දන් පිරිනමමින් තමන්ව පෝෂණය කිරීම වෙනුවෙන් උන්වහන්සේ විසින් සකස් කිරීමට යෙදුණු ගෘහපති දානය සැදැහැවතුන්ට පිරිනැමීම එහිදී සිදුවිණ. 
Post a Comment