ආරක්ෂිත ගේට්ටු නොමැති දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා ගේට්ටු සවි කර ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද(02) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.එම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම,ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය මේ එහි දසුනකි.
Post a Comment