අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙට කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව අන්තරේ විරෝධතා සඳහා සහය නොදෙන්නැයි අමාත්‍යවරයා අද (02) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
සරසවිවල ජවිපෙ ක්‍රියාකාරකම් බිඳ වැටී ඇති බවත් පෙරටුගාමී පක්ෂය සරසවිවල ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.
අන්තරයේ කටයුතුවලට විරුද්ධ වන ලෙස ද නවක වදයට එරෙහිව වන ලෙස ද සිසුන්ගෙන් හා මව්පියන්ගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා පැවසීය.
2010 වසරේදී සියයට 35ක්ව පැවැති මෙරට විශ්ව විද්‍යාලවල ගුණාත්මක භාවය මේවන විට සියයට 60 දක්වා වැඩි කිරීමට හැකි වී ඇතැයි ද ඔහු කීවේය. ජාත්‍යන්තර තලයේ පිළිගැනීමක් සහිත විශ්ව විද්‍යාල බවට මෙරට සරසවි පත්ව ඇතැයිද කී අමාත්‍යවරයා මෙවර දැයට කිරුළ පැවැත්වීම සඳහා වයඹ සරසවිය තෝරාගෙන ඇත්තේ එහි යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනයට බවද පැවසීය.
13 සංශෝධනය ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේ එකී සංශෝධනය යටෙත් බලය බෙදීමට පක්ෂ නමුත් ඉඩම් හා පොලිස් බලතල ලබාදීමට විරුද්ධ බවයි.
Post a Comment