පසුගිය ජූනි මස 14 වන දින පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර නමැති අය විසින් පාසලේ ගුරුවරියක දණගස්වන ලද සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා සහය ලබා නොදීම හේතුවෙන් ඊට විරෝධය පළකරමින් මෙලෙස අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියි.
අදාළ සිදුවීම පිළිබඳ එක් නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නද පසුව එල්ලවූ බලපෑම් හමුවේ එකී සාක්ෂි ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළ බවත්, අනෙක් නියෝජ්‍ය විදුහල්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම කරඇරිය බවත් ස්ටාලින් මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් අදාළ පාසලේ එකී නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා වෘත්තීය විශ්වාසය කඩකර ඇති බැවින් තවදුරටත් ඔවුන් සමග එක්ව සහයෝගයෙන් කටයුතු කළ නොහැකි බව පවසා පාසලේ සෙසු ගුරු භවතුන් අවධාරණය කරයි.
ඒ අනුව මෙම නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනාගේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් හා ඔවුන් දෙදෙනා වෙනත් පාසලකට මාරු කර යවන ලෙස ඉල්ලා මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව ස්ටාලින් මහතා කියා සිටියි.
මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කර ඇති බවත් , පුත්තලම අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මේවන විට නවගත්තේගම නවෝද්‍යා පාසලට පැමිණ ඇති බවත් හෙතෙම අද දෙරණට කියා සිටියේය.
Post a Comment