ක්වාලාම්පූර්හි සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයකදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ මොවුන්ගෙන් ප්‍රශ්න කර ඇති බව එරට ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය හා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසිය තහවුරු කර තිබේ.
මෙම වැඩසටහනෙහි සම්බන්ධීකාරිකා ලෙනා හෙන්ඩ්රි පවසා ඇත්තේ දර්ශන වාරය නිමාවීමත් සමග ඉකුත් බදාදා දින රාත්‍රී 8.30 ට පමණ මෙම නිලධාරීන් ශාලාවට ඇතුළුවූ බවයි.
එසේ ඇතුළු වූ නිලධාරීන් ශාලාව තුළ සිටි 150 ක පමණ පිරිසකගේ අනන්‍යතාව පරීක්ෂා කළ බවත්, එහිදී ජනමාධ්‍යවේදියෙකුගේ බෑගයක්ද පරීක්ෂා කළ බවත් ලෙනා හෙන්ඩ්රි පවසා ඇත. කෙසේ වෙතත් ඊයේ දිනයේ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් අදාළ චිත්‍රපට ප්‍රදර්ශනය පැවති සෙලින්ගෝර් චයිනීස් එසේම්බ්ලි හෝල් හි බලධාරීන් අමතා එකී චිත්‍රපටයේ අන්තර්ගතය දෝෂ සහගත බවත්, එය ප්‍රදර්ශනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබානොදෙන ලෙසත් ඉල්ලා ඇතැයි සඳහන්ය.
එහෙත් වැඩසටහනෙහි සම්බන්ධීකාරිකාව පවසා ඇත්තේ මෙම වැඩසටහනට අදාළව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන් හමුවීමට අවස්ථාවක් මීට පෙරාතුව ඉල්ලා තිබුණද එකී අවස්ථාව තමන්ට නොලැබුණු බවයි.
එසේම මෙම වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට ආරාධනා කර තිබුණු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Post a Comment