පස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීමට සැකකාර වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බෙන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඉල්ලා ඇත.
ඉන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් කලින් ලබා දී ඇති අතර ඉතිරි ලක්ෂ 15 මුදල බෙන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගෙන් ලබා ගන්නා අවස්ථාවේ සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව මතුගම අතිරේක දිසා විනිසුරු ආර්.ඒ.ජේ රාජපක්ෂ මහතා හමුවට පසුගිය (06) වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු අද (09) දින දක්වා රිමාන්ඩ් කෙරිණ.
එසේම ඔහුට අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කර තිබුණි.
Post a Comment