Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මේ උරගා බලන්නේ සැබෑ ජනමතයද යන්න ගැටළුවක්වයඹ හා මධ්‍යම පළාත් සභාව විසුරුවා හැර, උතුරු පළාත් සභාවට මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපති නිර්දේශ දැනටමත් නිකුත් කර ඇතත් මෙසේ උරගා බලන්නේ සැබෑ ජනමතයද යන්න ගැටළු සහගත බව එ.ජ.ප හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා පවසයි. 

සෑම මැතිවරණයකින්ම පසු නිරන්තරයෙන්ම අපට අසන්නට ලැබෙන්නේ අදාළ මැතිවරණ නිදහස් හා සාධාරණ නොවූ බව යැයි මන්ත්‍රීවරයා කියා සිටියේ අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. 

එසේම මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්දේශ තුට්ටුවකටවත් ගණන් ගැනීමක් ආණ්ඩුව විසින් කෙරන්නේ නැති බවත් , රාජ්‍ය සම්පත්, යානවාහන, හෙළිකොප්ටර්, රජයේ නිවාස ආදිය මැතිවරණ සමයේ රජයේ බලගතු පුද්ගලයින් එළිපිටම යොදා ගන්නා බවත්, රාජ්‍ය මාධ්‍ය මැතිවරණ කාලසීමාව තුළ රජයේ හොරණෑවක් බවට පත් වෙන බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය. 

එම නිසා මැතිවරණ කොමසාරිස්වරයාට වෙන සෑම අවස්ථාවකටම වඩා මේ අවස්ථාවේ දී විශාල වගකීමක් පැවරෙන බවත්, ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති අවස්ථාවක උතුරේ හා දකුණේ ඡන්දදායකයින්ට සිය හෘද සාක්ෂිය අනුව නියෝජනයක් තෝරා ගැනීමේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරදීම මැතිවරණ කොමසාරිස් වරයාගේ යුතුකමක් බවත් ජයසූරිය මහතා සඳහන් කළේය. 

රටක සැබෑ ජනමතය නියෝජනය වීමට ඇති ඉඩ අහුරන විට සිදු වන එක දෙයක් වන්නේ ජනතාවගේ පීඩනය පාලකයාට එරෙහිව යම් මොහොතක දී පුපුරා යාම බවත් , පසුගිය වකවානුව තුළ ඊජිප්තුවේ දී, සිරියාවේ දී, සහ ලිබියාවේ දී ප්‍රකට වුයේ එය බවත් හෙතෙම සිහිපත් කළේය. එසේම තමන්ට එරෙහිව නැඟි සිටින ජනතාව උණ්ඩයේ බලයෙන් මර්දනය කිරීමට පාලකයන් විසින් ක්‍රියා කිරීම ද දකින්නට ලැබෙන බවත් , රුඩොල්ෆ් රුමෙල් නැමති දේශපාලන විද්‍යාඥයාගේ ඇස්තමේන්තුවලට අනුව, වර්ෂ 1900සිට 2000 දක්වා ගත වූ සියවස තුළ ආණ්ඩු විසින් ඝාතනය කරනු ලැබ ඇති තමන්ගේම රටවල්වල ජනගහනය මිලියන169 ක් තරම් විශාල බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. 

කාම්බෝජයේ පොල්පොට්ගේ මිනිමරු පාලනය, හිට්ලගේ යුදෙව් සංහාරය, ස්ටාලින්ගේ යුක්රේනියානු සංහාරය , තුර්කියේ ආර්මේනියානු සංහාර ආදී මහ පරිමාණ මිනිස් ඝාතන මෙයට උදාහරණ වශයෙන් දැක්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. 

එසේම එකී ඝාතන කෙරෙහි ඒ ඒ රාජ්‍යයන් සහ රාජ්‍ය නායකයන් සෘජුව යොමු වීම සිදු වී ඇති බවත් , එසේ නැතිනම් එම ඝාතන කෙරෙහි එම රාජ්‍යයන් සහ රාජ්‍ය නායකයන් ඇස්වසාගෙන හිඳිමින් ඒවා සිදුවීමට ඉඩ හැර ඇති බවත් හෙතෙම කියා සිටියේය. 

මේ අනුව රටක ජනතාවගේ ස්වෛරීත්වයට සහ ආරක්ෂාවට වෙනත් රටකින් එල්ල විය හැකි තර්ජනවලින් තමන්ගේ ජනතාව ආරක්ෂාව කර ගැනීම සඳහා මිනිසුන් ඝාතනය කරනවා මෙන් පස් ගුණයක්, තමන්ගේම රටවැසියන් ඝාතනය කිරීමට මේ කියන සියවස තුළ ආණ්ඩු පාලකයන් පෙළැඹී ඇති බව කරූ ජයසූරිය මහතා සිහිපත් කළේය. 

මෙවැනි ඝාතන, එනම් තමන්ගේම රටවැසියන් ඝාතනය කිරීම, රුඩොල්ෆ් රුමෙල් විසින් හඳුන්වන්නේ "පොදු ප්‍රජා සංහාර " වශයෙන් බවත් ," රාජ්‍යයක් බලයෙන් තර වෙන තරමට එම රාජ්‍යය අතින් රටේ ජනතාව හිංසාවට පත්වීමට ඇති ඉඩකඩක් වැඩි වන්නේය. බලය සංකේන්ද්‍රගත වීම (එක අතක ගොනු වීම) තරම් භයානක දෙයක්, දේශපාලන භුමිය මත තවත් නැතැයි " යන්නෙන්ද රුඩොල්ෆ් රුමෙල් ප්‍රකාශ කළේ මේ නිසා යයි මන්ත්‍රීවරයා පැහැදිලි කළේය. 

පාලකයාගේ බලයෙ ප්‍රභවය මහ ජනතාවට වන තරමටම, පාලකයාගේ බලයට එල්ල වන බරපතළම අභියෝගයත් එම මහජනතාවම වන බව පාලකයා ඉවෙන්ම වගේ දන්නා බවත් , ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ අභියෝගය මානවවාදීව ජයගැනීම සඳහා පවතින ප්‍රශස්ත සම්ප්‍රදාය බවත් ජයසූරිය මහතා කියා සිටියේය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword