අදාළ ගිවිසුම වෙනස් කළ යුතු නම් ඒ පිළිබඳ දෙරට එක්වී නැවත සාකච්ඡා කළ යුතුය යන්න ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදය බව ලන්ඩනයේදී බී.බී.සි සන්දේශය සමඟ අදහස් දක්වමින් නාරායන ස්වාමී මහතා ප්‍රකාශ කර ඇත.
පළාත් සභා බලතල වෙනස් කිරීමට ශ්‍රී ලංකාවේ රජය දරන උත්සහයට නාරායන ස්වාමී මහතා සිය නොසතුට පළ කර ඇති බව ද වාර්තා වෙයි
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවේ යොදවන බවට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයට සහතියක් දී ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත. මේ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතවෙයි.
දේශපාලන අර්බුධයට විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන සතියේදී රැස්වීමට නියමිතයි.
Post a Comment