පේරාදෙණිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පේරාදෙණිය ප්‍රදේශයේ මේ වසරේ සිදුකළ දේපළ සොරාගැනීම් අටක් සහ පසුගිය වර්ෂය තුළ සිදුකළ සොරා ගැනීම් 9ක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මේ අතර මහනුවර ප්‍රදේශයේ ද සිදුකළ සොරකම් කිරීම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බව පොලීසිය පැවසුවේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.
මොහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පේරාදෙණිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment