
ඒ නිමිත්තෙන් එෆ්.එම්.දෙරණ පැය 33ක් අඛණ්ඩව ජෝතිපාලයන්ගේ ගීත ප්‍රචාරය කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.
අද පෙරවරු 8.00 සිට ආරම්භ වන මෙම වැඩසටහන තුළින් මෙතෙක් අසන්නට නොලැබුණු ජෝතිමත් ගී රැසක අත්දැකීම් විඳගැනීමට එෆ්.එම්.දෙරණ ශ්‍රාවක ඔබට අවස්ථාව උදාවේ.
අදාළ කාලය තුළ එක් ගීතයක් එක් වරක් පමණක් ප්‍රචාරය වීම ද විශේෂත්වයකි.
පසුගිය වසර කිහිපයේදී ද එෆ්.එම්.දෙරණ මෙවැනි ජෝති උපහාර ගීත වැඩසටහන් ඉදිරිපත් කළේය.
වර්ෂ 1936 පෙබරවාරී මස 12 වැනිදා දකුණු පළාතේ උපත ලැබූ එච්.ආර්. ජෝතිපාල මහතා 1987 ජූලි මස 07 වැනිදා අභාවප්‍රාප්ත විය. හදිසියේ රෝගාතුර වූ ඒ මහතාගේ මරණයට හේතුව වකුගඩු දුර්වලවීම බව වෛද්‍යවරුන් නිගමනය කර ඇති අතර අධික ලෙස බීමත්කම ඊට හේතුව බවද කියැවිණ.
Post a Comment