
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සහ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.
කුරුණෑගල පොලිස් අධිකාරී ආර්.එෆ්.සී. ද සිල්වා මහතා කොළඹ සංචාරක කොට්ඨාශය වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මඩකලපුව පොලිස් අධිකාරී එස්.එම්.ඒ.එල්.සමරකෝන් මහතා කුරුණෑගල පොලිස් අධිකාරීවරයා වශයෙන් පත් කර තිබේ.
පොලිස් අධිකාරී සිල්වා මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩබැලීම සඳහා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Post a Comment