
ලොරි රථයක් මාර්ගයේ ගමන්ගත් කාන්තාවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මළ සිරුර ලුනාව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(02) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අනතුර සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment