ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන්නන් පැහැර ගැනීමට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු විය හැකි බවට බ්‍රිතාන්‍යය විදේශ සේවා කාර්යාලය විසින් අනතුරු අඟවා තිබේ.
සංවිධානාත්ම ආයුධ සන්නද්ධ කණ්ඩායම් අවධානයෙන් යුතුව පසුවන බැවින් ඔවුන්ගේ ඉලක්ක බවට පත්විය හැකි බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් බ්‍රිතාන්‍ය විදේශ සේවා කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයින්ට උපදෙස් ලබා දී ඇත.

මෙම සංවිධානාත්ම ආයුධ සන්නද්ධ කණ්ඩායම් බ්‍රිතාන්‍ය ජාතිකයින් පමණක් ඉලක්ක ගත කරගෙන ක්‍රියාත්මක වන බවට කරුණු අනාවරණය වී නැති බවත්, පොදුවේ සංචාරක ප්‍රදේශවල මොවුන් අපරාධ සිදුකරන බවටත් බ්‍රිතාන්‍යය විදේශ සේවා කාර්යාලය පෙන්වාදෙයි.
එසේ වුවද 2011 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සංචාරක නිකේතනයකදී ඝාතනයට ලක්වුණු බව හා ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුනොවුණු වගද ඔවුන් සිහිපත් කරයි.
Post a Comment