
මෙම ක්‍රීඩකයාගේ හැසිරීම් රටාව හා ක්‍රියාකාරකම් පිළිබඳව ක්‍රිකට් ආයතනය මෙන්ම මුළු රටම දන්නා බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
රට නියෝජනය කරමින් ගමන් කළ මෙම ක්‍රීඩකයා මගීන් 230 ක් රැගත් ගුවන්යානයකදී බීමත්ව, අශෝබන ලෙස මෙන්ම විනය විරෝධී ලෙස මෙලෙස හැසිරීම මුළු රටටම අපහාසයක් බව ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. මෙවැනි ලොකු ලොක්කන්ගේ දූ දරුවන්ට කිසිදු ආචාර ධර්මයක්, නීති රීති හෝ රෙගුලාසි නොපවත්නා නමුත් , මෙවැනි නින්දිත හැසිරීම් රටට හෙළිකරන මාධ්‍යයට නම් ආචාර ධර්ම හඳුන්වාදීමට ආණ්ඩුව විසින් කටයුතු කිරීම ඉතාම නින්දා සහගත බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
Post a Comment