
අද (23) පස්වරුවේ මෙම පෙත්සම මානව හිමිකම් කොමිසන් සභාව වෙත භාර දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය 2010.11.01 දින සිට හෙද සේවාවේ ක‍්‍රියාත්මක කර තිබෙන හෙද ව්‍යවස්ථාව හෙද කාර්ය මණ්ඩලය බරපතළ විෂමතාවයන් ගණනාවක් ඇති කර ඇති බවත්, සෞඛ්‍ය සේවාව තුළ ඇති අතුරු වෛද්‍ය සහ පරිපූරක වැනි හෙද සේවාවට සමාන්තර වෘත්තීයට ඇති අයිතිවාසිකම් පවා මෙම ව්‍යවස්ථාවෙන් හෙද හෙදියන්ට අහිමි කර තිබෙන බවත් මෙම අවස්ථාවට සහභාගී වූ සමස්ත ලංකා සුව සේවා සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ සහෝදරයා පැවසීය.
එමෙන්ම ඔහු පවසන පරිදි හෙද හෙදියන්ගේ ශ්‍රේණිගත උසස්වීම් වලට තිබූ කාලය වැඩි කර ඇත. අතුරු වෛද්‍ය සේවාවේදී සේවා කාලය අවුරුදු 12 කින් 1 ශ්‍රේණියට උසස්වීම හෙද හෙදියන්ට ලැබෙණුයේ සේවා කාලය අවුරුදු 20දීය. මීට අමතර හෙද සේවාවට 1 ශ්‍රේණයට උසස්වීම සඳහා විභාග 4 මුහුණ දීමට සිදුව තිබේ.
මෙලෙස උසස්වීම් ශ්‍රේණිගත කිරීම් කාර්යාක්‍ෂමතා කඩයිම් දීමනා ඇතුළු හැම කරුණකදීම හෙද හෙදියන්ට මෙම ව්‍යවස්ථාව මගීන් ඉතා බරපතළ අසාධාරණයන් ගණනාවක් සිදු කර ඇත.
ඒ නිසා එම අසාධාරණ කොන්දේසි ව්‍යවස්ථාවෙන් ඉවත් කර හෙද සේවවාවත් අනිකුත් සේවාවන්ට මෙන් උසස්වීම් සහ ආනෙකුත් කරුණු සඳහා තිබෙන අයිතිය තහවුරු කර දෙන මෙන් ඉල්ලා සිටින බවත්, මෙම තත්වය නිවැරදි නොවන්නේ නම් ඊට එරෙහිව සංගමය මගීන් ඉදිරියේදී මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්යෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවැරීමට කටයුතු කරන බවත් සමස්ත ලංකා හෙද සංගමය දන්වා සිටීයි.
මානව හිමිකම් කොමිසමේ පැමිණිල අංක HRS/2589/13 යටතේ පැමිණිල්ලක් ගොනු කරන ලදී.
මෙම අවස්ථාවට සංගමයේ සභාපති සිසිර සේනාරත්නල ප‍්‍රධාන ලේකම් එස්.පී. මැදිවත්ත සහ භාණ්ඩාගාරික යන නිලධාරීන් සහභාගි විය.
Post a Comment