Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

 කොරියාවෙන් ලංකාවට නවීන තාක්ෂණ පුහුණුව ලබාදෙයිශ‍්‍රී ලංකාවේ මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ උපදේශකවරු හතලිස් පස්දෙනෙකු සඳහා නවීන තාක්ෂණයද ඇතුළු වැඩිදුර පුහුණුව ලබාදීමට කොරියානු රජය කැමැත්ත පළ කර තිබේ. 

මේ සඳහා පිටත්ව යන අයට ගුවන් ටිකට්පත් පිරිනැමීම යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අද(09) පෙරවරුවේදී සිදුකරන ලදී. 

2013 වසරේ 15 දෙනෙකුත්, 2014 වසරේ 15 දෙනෙකුත් සහ 2015 වසරේ 15 දෙනෙකුත් වශයෙන් මෙම හතලිස් පස්දෙනා පුහුණු කිරීමට කොරියානු රජය තීරණය කර ඇත. කොයිකා ආයතනය සහ විදේශ සම්බන්ධතා දෙපාර්තමේන්තුව අතර අත්සන් කරන ලද ගිවිසුමකට අනුව ශ‍්‍රී ලංකාවේ කාර්මික අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා කොරියාවේ ආධාර උපකාර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මෙම පුද්ගලයින්ට පුහුණුව ලැබී තිබේ. 

මේ මස 14 සිට 27 දින දක්වා සති දෙකක පුහුණුව කොරියාවේදී ලබාදෙන අතර සියලූ වියදම් දරන්නේ කොරියානු රජය විසින් වීම මෙහි විශේෂත්වයකි. 

මෙම 15 දෙනා ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සහ ශ‍්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යන ආයතනයන්හි සේවය කරන උපදේශකවරුන් අතරින් තෝරාගත් පිරිසකට මෙම අවස්ථාව එළඹී තිබේ.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword