පොළොන්නරුවේ සිට කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක ගැටී අවුරුදු 20ක් පමණ වයසැති මෙම අලියා පැය 2ක පමණ කාලයක් ජීවිතයත් මරණයත් අතර සටනක් කර අවසන මරු තුරුලට ගියේ සියලුදෙනාගේ හදවත් කම්පා කරමිනි. ඊයේ රාත්‍රී 7.30ට පමණ මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී සිදුවු අනතුරින් එසේ මියැදුණේ මින්නේරිය රක්ෂිතයේ සිටි අලියෙකි. ගිරිතලේ පශු වෛද්‍ය නිලධාරීන් යුහුසුළුව ප්‍රතිකාර කටයුතු කළද එය ඌගේ ජීවිතය බේරා ගැනීමට ප්‍රමාණවත් නොවීය. අලියාගේ මරණයට රියදුරු වගකිව යුතු බව ඔවුන් කී අතර රියදුරු ඇතුළු කිහිප දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගතකර ඇත. මේ බසයේ ගැටී අලියා මියැදී සිටි අයුරුය.
මින්නේරිය රක්ෂිතයේ වෙසෙන වන සතුන් නිතරම මෙම මහා මාර්ගය අසලින් ගමන් කරන බව අප වාර්තාකරු පවසයි. මේ නිසා රියදුරන් රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසට ද උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් ඊයේ රාත්‍රී සිදුවු මෙම අනතුරේදී රියදුරු බසය පාලනය කර ගැනීමට තරම් නොහැකි අධික වේගයකින් පැමිණීම ගැන පශු වෛද්‍ය නිලධාරීන් චෝදනා නගන බව අප වාර්තාකරු පවසයි.
Post a Comment