
ඝන පූර්ණය නැති බව සඳහන් කරමින් මූලාසනය විසින් පාර්ලිෙම්න්තුව කල්තැබීමට තීරණය කරන ලදී.
ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 23 දින යළි රැස්වීමට නියමිතය.
කෙසේ වුවද එජාපය විසින් ගෙන ආ කල්තැබීමේ යෝජනාවක් විවාදයට ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නැති බව පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් විසින් වීම විශේෂත්වයකි. ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කිරීමක් බවත් මෙම ක්‍රියාදාමයට දැඩි විරෝධය මෙන්ම අප්‍රසාදය පළ කරන බවත් එජාප මන්ත්‍රීවරුන් මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
ඉදිරියේදී ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන යෝජනාවකදී මෙවැනිම ආකාරයට සහය ෙනාදී සිටීමට තීරණයක් ගත් බවද ඔවුන් මාධ්‍යවේදීන්ට පවසා ඇතැයි සඳහන්ය.
Post a Comment