Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

අන්තරේට එරෙහිව පොලීසිය සීරුවෙන්අන්තර් විශ්ව විද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අධිකරණය හමුවේ විභාග වෙමින් පවත්නා නඩු කිහිපයකට පෙනී නොසිටීම නිසා චන්ද්‍රානන්ද හිමියන් අත්අඩංගුවට ගත් බවත් , උන්වහන්සේ හෙට දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලීසිය පවසයි. 

වසර එක හමාරකට ඉහතදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට කිසියම් පිරිසක් විසින් ‍අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර විනාශ කිරීමට විරෝධය දක්වා සංවිධානය කළ උද්‍ඝෝෂණයක් හා පා ගමනක් හේතුවෙන් බොරු චෝදනා මත ස්වාමින් වහන්සේට එරෙහිව විශ්ව විද්‍යාල පරිපාලනය විසින් ගොනුකරන ලද නඩුවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. 

ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව දන්වා පොලීසියට කැඳවීමෙන් පසුව උන්වහන්සේ අත්අඩංගුවට ගත් බවත් , මෙය විශ්ව විද්‍යාල පරිපානය විසින් සිසුන්ට එරෙහිව දියත් කර ඇති මර්දනය පිළිඹිබු කරන තවත් එක් අවස්ථාවක් පමණක් බවත් එම මණ්ඩලය සඳහන් කරයි. 

මේ අතර දැනට අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සංජීව බණ්ඩාර සිසුවා මේ මස 12 වන දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා නියෝග කළේය. ඉකුත් 26 වන දින පොලිස් නියෝග නොතකා මහජනයාට හිරිහැර වන සේ උද්ඝෝෂණයක් හා විරෝධතාවක් සංවිධානය කිරීම නිසා සංජීව බණ්ඩාර සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය අද අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. 

මීට අමතරව සිදුවීමට අදාළව තවත් සිසුන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වීඩියෝ පට දර්ශන අනුව ක්‍රියා කරන බවද මිරිහාන පොලීසියේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබේ. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword