
බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් ෂියාම් නැමති අය ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ රවිඳු ගුණවර්ධන මහතා රැඳවුම් නියෝග මත රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරනු ලැබිණි.
පාවහන් වෙළඳසැලක හිමිකරුවෙකු වූ මොහොමඩ් සියාම් නමැති අය පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණේ ඉකුත් මැයි මස 22 දාය.
ජනපති නියමයෙන් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු කරනු ලැබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම ඝාතනයට සැකපිට උ.පො.පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.
ඔවුන්ගේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබූවද අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සලකනු ලැබුවේ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන මහතා බවට මාධ්‍ය වාර්තා පළවිය.
කෙසේ වෙතත් රවිඳු ගුණවර්ධන මහතා පැපිලියාන ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 07 වන දින පෙරවරුවේදීය.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට සිද්ධිය පිළිබඳ මේවන විට පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.
Post a Comment