Aug
31

ඊයේ සවස මුන්දලම නගරයේදී මෙම වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.
පසුව පොලිස් නිලධාරීන් විසින් වෑන් රථයේ තිබු ප්‍රචාරක ස්ටිකර් ඉවත් කර වෑන් රථය සහ රියදුරුව පොලිස් ඇප මත මුදා හැර ඇත.
පොලිස් භාරයට ගෙන ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන නජාබ් නම් අයෙකුගේ ප්‍රචාරක ස්ටිකර් අලවා තිබු වෑන් රථයකි.
එම වෑන් රථයේ ගමන් කර ඇත්තේ රියදුරු පමණකි.
ඔහු පුත්තලම - රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයා නොමැති රථ වල අපේක්ෂකයින්ගේ ප්‍රචාරක ස්ටිකර් හෝ වෙනත් දෑ ප්‍රදර්ශනය කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් වන බැවින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය කියයි.
Post a Comment