Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

වැලිවේරියේ ඝාතනය රෙජීමය විසින් යටපත් කරමින් ඉන්නවා පසුගිය දින වැලිවේරියේදී මිනිස් ජීවිත කිහිපයක් නැති කිරීමේ සිදුවීම මෙ වන විට රාජපක්ෂ රෙජීමය විසින් යටපත් කරමින් සිටින බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. 

රතුපස්වල ජන සංහාරයේදී යුධ හමුදා කොමාන්ඩෝ සෙබළුන්ට අමතරව ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ මැර කණ්ඩායම් ද යොදවා ගෙන තිබූ බවට අනාවරණව වී ඇති බව ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වෙයි. 

බොන්නට වතුර ටිකක් ඉල්ලූ රතුපස්වල නිරායුධ මිනිස්සුන්ට යුධ හමුදාව සහ මැරයන් ලවා යකඩ පොලු සහ උණ්ඩ වරුසාවකින් හිත් පිත් නැති ලෙස ඉකුත්දා පහර දී වටිනා මිනිස් ජීවිත කිහිපයක්ම නැතිකිරීමේ අපරාධයට අදාළ තොරතුරු යටපත් කිරීමට රාජපක්ෂ රෙජීමය ක්‍රියා කරමින් සිටින බවට විශ්වාස කටයුතු තොරතුරු එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබේ.එබැවින් සත්‍යය යටපත් කිරීමේ මේ නිර්ලජ්ජිත වෑයමට ද එරෙහිව ක්‍රියා කිරීමට අප පක්ෂය තීරණය කරන ලදී. 

රතුපස්වල ඝාතන සිදුවීමේදී යුධ හමුදා කොමාන්ඩෝ සෙබළුන්ට අමතරව ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ මැර කණ්ඩායම් ද යොදවා ගෙන තිබූ බවට දැන් තොරතුරු හෙළිවෙමින් පවතී. එසේම අහිංසක ජීවිත ගණනාවක් අහිමි කිරීම සඳහා යොදා ගනු ලැබූ ආයුධ සහ උපකරණ විමර්ශනය සඳහා භාර දී නැති අතර එම තොරතුරු වසන් කිරීමට රාජපක්ෂ රෙජීමය ක්‍රියා කර ඇති බවද පෙනී යයි.

එබැවින් මෙම ජන සංහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් මාධ්‍යවල පළ වූ ඡායාරූප මගින් හඳුනා ගැනීමට සහාය වන ලෙස එක්සත් ජාතික පක්ෂය සමස්ත ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරයි. එයට අමතරවල මේ අමානුෂික සංහාරය ගැන වෙනත් සියලු තොරතුරු ද අප වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර එම තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවට මම සහතික වෙමි. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword