
හෙට (10) දිනයේ පැයකට උල්කාපාත 15ක් පමණ දර්ශනය වන අතර ඉදිරි දින කිහිපය තුළ එම සංඛ්‍යාව 50ක් පමණ දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
එම උල්කාපාත දීප්තිමත් ආලෝකධාරා වශයෙන් පියවි ඇසට දැකගත හැකි වෙයි.
වළාකුළු වලින් තොර පැහැදිලි අහසක් පැවතියහොත් මධ්‍යම රාත්‍රියේ සිට පසුදා පාන්දර වන තෙක් ඊසාන දිග අහසේ උල්කාපාත දර්ශනය වෙයි.
අභ්‍යාවකාශයේ පාවෙමින් පවතින කුඩා පාෂාණ කැබලි හෝ ලෝහ කැබලි පෘථිවිය කරා පැමිණීමේ දී බොහෝමයක් ගිනිගෙන විනාශයට පත්වෙයි.
ඉන් නිකුත් වන ආලෝකය හේතුවෙන් ඒවා උල්කාපාත ලෙස හඳුනාගත හැකියි.
Post a Comment