Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ඡන්දෙට කෝටි 150වත් යාවී!උතුරු, වයඹ හා මධ්‍යම පළාත් සභා සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 1500ක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

විදුලිගාස්තු වැඩි කිරීම, ඉන්ධන මිල ඉහළයාම වැනි හේතුන් මත එවැනි වියදමක් දැරීමට සිදුවනු ඇතැයි හෙතෙම කියයි. 

රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද (12) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. 

අගොස්තු මස 05 වැනිදා සිට 31 දක්වා විභාග පැවැත්වෙන කාලසීමාවේදී පාසල් ආශ්‍රිතව කිසිදු මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සපුරා තහනම් බවද මේ මස 25 වැනිදා ඇරඹෙන නාමයෝජනා භාර ගැනීම අගොස්තු මස 01 වැනිදා දහවල් 12.00ට අවසන් වන බවද හෙතෙම කීවේය. තැපැල් ඡන්ද සඳහා අයදුම් කිරීම අගොස්තු මස 02 වැනිදා දහවල් 12ට අවසන් බවද ඔහු පැවසීය. 

මෙවර මැතිවරණය සඳහා 2012.12.31 සහතික කළ ඡන්ද හිමි නාමලේඛනය වලංගු බවත් කුරුණෑගලින් වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවත් හෙතෙම කීවේය. 

එසේම යුද්ධය අවසන් වී සාමකාමි වාතාවරණයක උතුරු පළාත් සභා මැතිවරණය ප්‍රථම වතාව මෙය බවද කී මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය නිරීක්ෂණයට අවසර දී ඇති විදේශ සංවිධාන ගැන අවසන් තීරණයක් ගෙන නැතැයිද පැවසීය. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword