Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

නහය කෑ සංවිධායකත් රෝහලේ - ඇප අත්සන් කරන්න කවුරුත් නෑ









අත්තනගල්ලේ හෝටලයක මංගල උත්සවයකදී රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයකුගේ නාසය සපා කෑ බව කියන එජාපයේ බස්නාහිර පළාතේ හිටපු ආසන සංවිධායකවරයෙකු වන තුෂාර හේමචන්ද්‍රට ඇප නියම කර තිබේ. 

සැකකාර ප්‍රාදේශීය දේශපාලනඥයා අද පෙරවරු 10.00ට පමණ නිට්ටඹුව පොලීසියට භාර වී තිබූ අතර පොලීසිය ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී අසනීප තත්ත්වය මත ඔහුද වතුපිටිවල රෝහලට ඇතුළත් කරන ලදී.

අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා රෝහලට පැමිණ සැකකරුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කළත් ඇප අත්සන් කිරීමට කිසිවෙකු නොසිටි බව පොලීසිය පැවසීය.

ඒ අනුව සැකකරු ද පොලිස් ආරක්ෂාව මැද මේවන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම සිද්ධියේදී නාසය හැපීමෙන් තුවාල ලබා වතුපිටිවල රෝහලේ 09 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන රාජ්‍ය මාධ්‍ය ආයතන සේවකයාට මැහුම් 10ක් ගසා ඇතැයි ද වාර්තා වේ.

අත්නගල්ලේ මඟුල් උත්සවයකදී ඊයේ පස්වරුවේ මෙය සිදුව තිබුණි. 
Related News

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword