පසුගිය 22 වැනිදා එමිරේට්ස්හි ඉනොක්ස් සමාගම විසින් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40, 000 ක් මෙරටට ගෙන්වූ අතර ඒවා නිසි ප්‍රමිතියෙන් තොර බවට තහවුරුවිය.
ඒ කොළොන්නාව සහ සපුගස්කන්ද පරීක්ෂණාගාරවලදී සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවය.
ඉන් අනතුරුව අදාළ සමාගම අසාදු ලේඛන ගත කිරීමට පියවර ගෙන ඇති බව ඛනිජ තෙල් අමාත්‍යංශය සඳහන් කරයි. කෙසේ වෙතත් නිසි ටෙන්ඩර් පටිපාටීන්ට අනුකූලව නව ඩීසල් තොග ගෙන්වීම සඳහා මේ වන විට ටෙන්ඩර්පත් කැදවා ඇති අතර ඊට අදාළ ටෙන්ඩර් මණ්ඩලය පසුගිය සතියේ දී රැස්වී තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී නව ඉන්ධන තොග ඇනවුම් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති අතර බාල ඩිසල් තොග ගෙන්වු සමාගමෙන් ඊට අදාළව වන්දි මුදලක් ලබා ගැනීමට කටයුතු කරන බව ද ඛනිජ තෙල් අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියි.
Post a Comment