Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ටී.එන්.ඒ. ක්‍රියා කරන්නේ පළිගැනීමේ චේතනාවෙන්දෙමළ ජාතික සන්ධානය වෛරයෙන් හා පළිගැනීමේ චේතනාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳගෙන සන්නද්ධ බෙදුම්වාදයෙන් කරගත නොහැකි වූ දේ ව්‍යවස්ථානුකූල බෙදුම්වාදයකින් දිනා ගැනීමට සැලසුම් කරන බව ජාතික හෙළ උරුමය පවසයි. 

එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද(01) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය. 

එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිවෙයි. 

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් බලතල සංශෝධනය කිරිම සඳහා රජය විසින් යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය සහභාගී නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. ඒ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම්ද තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට නියෝගයක් නිකුත් කරමින් කියා ඇත්තේ 13 ට පක්ෂව ඡන්දය ලබානොදිය යුතුබවයි. 

ආර්. සම්බන්ධන්ගේ හා රාවුෆ් හකීම්ගේ මෙම තීරණයෙන් අපට සිහිපත් කරන්නේ කොටි - ඔටු හවුලේ මිත්‍රත්වයයි, එකඟත්වයයි, අශුද්ධ සංධානය යි. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව දෙමළ ජාතික සංධානය දෙමළ ජාතිවාදය, දෙමළ බෙදුම්වාදය, ඊළාම්වාදය අතහැර නැත. 76 වඩුක්කොඩෙයි යෝජනා, 1985 තිම්පු ප්‍රතිපත්ති කිසිවක් වෙනස්කර නැත. පරණ ඊළාම්වාදී බෙදුම්වාදී පාරේම සම්බන්දන්ලා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලා, සුමන්තිරන්ලා ගමන් කරමින් ඇත. 

ඉන්දියාවට ගතු කේලාම් කියමින්, ඉන්දියාව අවුස්සමින්, ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය උදුරාගන්නට ක්‍රියාකරමින් ඇත. දී කිරට බළලූත් සාක්ෂි කීවා සේ එදා ප්‍රභාකරන් සමඟ ගිවිසුම් ගැසූ රාවුෆ් හකීම් දැන් 13 රැක ගන්නට සම්බනධන් සමඟ සංධානගත වී ඇත. බෙදුම්වාදීන්ට බෙදුම්වාදීන් අත්වැල් අල්ලමින් ආරක්ෂාකයින් ලෙස කටයුතු කරමින් ඇත. උතුරේ දෙමළ බෙදුම්වාදීන් වගේම නැගෙනහිර මුස්ලිම්වාදීන්ගේද අරමුණ එකය. ඒ රටෙන් කෑල්ලක් කඩා ගැනීමටය. 

ඒ සදහා ආණ්ඩුව තුළ සිටිමින් ඇමතිකම්, තනතුරු, වරප්‍රසාද භුක්තිවිදින ගමන් මහින්ද චින්තන ජනවරමට පස්ස හැරවීමට තරම් මේ අවස්ථාවාදීන් ගුණමකු වී ඇත. ආණ්ඩුවේ ඇමතිකම් වරදාන ලබාගෙන බෙදුම්වාදය ශක්තිමත් කරන රටේ ඒකීයභාවය පිළිනොගන්නා 13 රැක ගන්නට නියෝග නිකුත් කරන රාවුෆ් හකීම්ගේ අවස්ථාවාදී බෙදුම්වාදී ඒකිය විරෝධී, දේශපාලනය පරාජය කිරීමට සියලු දේශප්‍රේමි, ජාතිප්‍රේමි බලවේග පෙරට පැමිණිය යුතු අතර, සම්බන්දන්-හකීම් අශුද්ධ සංධානය එක පෙරමුණක ලා පරාජය කිරිමට දේශප්‍රේමී බලවේග පෙළ ගැසිය යුතු බව අවධාරණය කරමින් මේ අශුද්ධ සංධානය දෙස බලමින් හොරගල් අහුලන එ.ජා.ප යේ ප්‍රතිපත්තියද රට ඉදිරියේ නිරුවත් කිරීමට ජාතික හෙළ උරුමය පසුබට නොවන බව කිව යුතුව ඇත.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword