ශ්රී ලංකා “ඒ“ ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය අවසන්වී නැවතත් ශ්‍රී ලංකාව බලා එන අවස්ථාවේදී එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල විසින් ගුවන්යානයේ බීමතින් හැසිරුණේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වන ලක්ෂ්මන් ඩි සිල්වා මහතාව පත් කර තිබේ.
අද(04) පස්වරුවේ රැස්වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විනය කමිටුව මේම තීරණය ගෙන ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙයි. බීමතින් සිටි රමිත් රඹුක්වැල්ල ඉකුත් දින අඩි 35.000ක් උසකින් ගමන්ගත් ගුවන් යානයේ වැසිකිළි දොර යැයි සිතා පිටවීමේ දොර විවෘත කිරිමට යෑමෙන් මෙම සිද්ධිය හට ගෙන ඇත.
Post a Comment