Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ගුරුවරිය දණ ගැස්වූ හිටපු මන්ත්‍රී යළිත් රිමාන්ඩ්නවගත්තේගම ප්‍රදේශයේ පාසල් ගුරුවරියක දණ ගැස්සවූ බවට චෝදනා එල්ල වී ඇති හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ලබන 8 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ආනමඩුව දිසා විනිසුරු රංග දිසානායක මහතා නියෝග කරන ලදී. 

පසුගිය ජුනි 14 වැනිදා නවගත්තේගම ප්‍රදේශයේ පාසලක ගුරුවරියක දණගැස්සු බවට අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල විය. 

ඒ අනුව ඔහු ජුනි 15 වැනිදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකක දී රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. 

ජුනි 27 වැනිදා පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමටයි ආනමඩුව දිසාවිනිසුරුවරයා නියෝග කළේය. 

සෑම සතියකම ඉරිදා දිනයේ නවගත්තේගම පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසත් නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ඇප ලබාදෙමින් දිසාවිනිසුරුවරයා සැකකාර ආනන්ද සරත් කුමාර මහතාට නියෝග කරන ලදී. 

එහෙත් ආනන්ද සරත් කුමාර මහතා විසින් තමාට ජීවිත තර්ජන එල්ල කරන අතර ඇතැම් පුද්ගලයින් මාර්ගයෙන් තමා ඇතුළු පවුලේ උදවියට තර්ජන සිදුකරන බවටත් අදාළ ගුරුවරිය පොලීසිය වෙත පැමිණිලි කර ඇත. 

නඩුව අද(25) කැඳවු අවස්ථාවේ දී ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ආනමඩුව දිසා අධිකරණයේ විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේය. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword