කොළඹ සිට මාතර බලා ධාවනය වූ වායූ සමනය කළ පෞද්ගලික බසයක් රියදුරුට නින්දයාම නිසා බලපිටිය රන්දොඹේදී තාප්පයක ගැටී මගීන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණ. සිව්වරක්ම රියදුරු නිදා වැටෙන අයුරු දැක ඇති මගීන් කලබලයට පත්ව ඒ ගැන ඔහුට කියා ඇතත් අවසානයේදී බසය නැවතී ඇත්තේ තාප්පයේ ගැටීමෙන් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇති බව අප වාර්තාකරු පැවසීය. මේ අනතුර සිදුව තිබූ හැටිය.

Post a Comment