මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයඳුම්කරුවන් 292,706 ක් සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර තැපැල් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙත යොමුකර ඇති අතර පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත යොමුකර ඇත.
විදුහල්පතිවරුන් වෙත ප්‍රවේශ පත්‍ර ලැබුණු වහාම ඒවා පාසල් අයඳුම්කරුවන්ට ලබාදීම සිදුකළ යුතු බවත් කිසිදු හේතුවක් නිසා ප්‍රවේශ පත්‍ර ළඟ තබා නොගත යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ප්‍රවේශ පත්‍රවල අඩුපාඩු පවතින්නේ නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස විභාග අපේක්ෂකයින්ගෙන් විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
Post a Comment