මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුවූ බවයි.
අද දිනයේ ද දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට ප්‍රමාණවත් තරම් සේවකයින් නොමැති බව ද දුම්රිය පාලක මැදිරිය එහිදී කියා සිටියේය.
දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී සිට මගී ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටි බව අද දෙරණ වාර්තාකරුවන් පෙන්වාදෙයි.
කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට වෘත්තීය සමිති එකඟතාව පළ කළ බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතා පවසයි. වෘත්තීය සමිති සමඟ පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුව ඔවුන් මෙම එකඟතාව පළ කළ බව ලේකම්වරයා සඳහන් කළේය.
දුම්රිය වෘත්තීය සමිති සමඟ අද (08) පස්වරු 2.30ට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමඟ විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
මේ හේතුවෙන් අදාළ වර්ජනය පස්වරු 02.30 දක්වා තාවකාලිකව නතර කිරීමට වෘත්තීය සමිති එකඟ වූ බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතා කියා සිටියි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ දුම්රිය ශ්‍රේණිගත එකතුවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ සිය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.
පස්වරුවේ පැවැත්වෙන සාකච්ජාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව වෙනුවෙන් එකී ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේය.
Post a Comment