Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ගැටලු ගැන ධීවර සංගම් සමඟ සාකච්ඡා කිරීම කාලෝචිතයිඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවර ගැටලුව විසදීමට ඇති හොඳම විසඳුම රටවල් දෙක අතර පවතින ධීවර සංගම් සමඟ සාකච්ඡා කිරීම බව ඉන්දීය වරාය අමාත්‍ය සී.කේ වාසන් මහතා පවසයි. 

චෙන්නායි නුවර පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වේදීන් ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳ යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. 

ඉන්දීය රජය ලෙස තමන් මෙය බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය. 

විශේෂයෙන්ම මේ වන විට රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන නිසා ධීවර ගැටලුව පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස බලාපොරොත්තුවෙන් සිටින බව ද මෙහිදී ඉන්දීය වරාය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය‍. 

සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය මේ වන විට තාවකාලිකව නවතා ඇති බව ද ඔහු පැවසීය. 

සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය හරහා මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල විම හේතුවෙන් මීට ඉහත දී එම ව්‍යෘපෘතිය නවතා දමන ‍ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword