එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
බස් ගාස්තු වැඩිකිරීම ඇතුළු නොවිසඳුණු ගැටලු කිහිපයකට විසඳුම් ලබාදීම සඳහා බලධාරීන් අපොහොසත්වීමත් , ඊට විරෝධය දැක්වීමත් අරමුණු කොටගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන්ය.
අද දහවල් බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූවද එහි සාකච්ඡා ඵලදායි නොවීම හෝතුවෙන් ඊයේ දිනයේ තීරණය කළ පරිදිම මෙම බස් රථ වර්ජනය ක්‍රියාත්මක කරන බව ගැමුණු විජේරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් සෙසු පුද්ගලික බස්රථ සේවා හිමියන් පවසන්නේ තමන් මෙම බස් රථ වර්ජනයට සහභාගී නොවන බවයි. මේ අතර දුම්රිය සේවක වර්ජනය අවසන් වුවද මේ වන විටත් දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්ව නොමැති බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර් රත්නායක මහතා පවසයි.
කෙසේ වෙතත් උදෑසන කාර්යාලයීය දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදවීමට හැකි උපරිම උත්සාහ දරන බව හෙතෙම පැවසුවේය.
දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම අද දහවල් වන විට සිදු වනු ඇති බව එල්.ඒ.ආර් රත්නායක මහතා එහිදී වැඩිදුරටත් කියාසිටියේය.
Post a Comment