කොදෙව් නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ මහේල හා උපුල් තරංග ලකුණු 7 බැගින් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූ අතර දිනේෂ් චන්දිමාල් තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 2ට දැවී ගියේය.
ඒ අනුව එක්වූ සංගක්කාර හා තිරිමාන්න සිව්වැනි කඩුල්ල සඳහා ඔවුන් එක්ව ගොඩනගා ඇති සබඳතාව ලකුණු 31කි. කුමාර් සංගක්කාර් නොදැවී ලකුණු 13ක් හා තිරිමාන්ත ලකුණු 11 ලබා සිටියහ. ඔවුන් දෙදෙනා පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 60ක් ලබා සිටියදී වර්ෂාව ඇද වැටුණු අතර මේ හේතුවෙන් පැය 2ට ආසන්න කාලයක් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.
මේ නිසා අද නැවතු තැන සිට හෙට තරගය ආරම්භ කිරීමට නියමිතය.
Post a Comment