Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

නීති විරෝධි දුම්වැටි තොගයක් රේගු භාරයට ගනියිනීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් දෙකෝටි විසිපන්ලක්ෂයක වටිනාකමකින් යුතු දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ. 

දුම්වැටි ලක්ෂ 9 ක් මෙහිදී සිය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය. 

පසුගිය ජුනි මස 14 වැනිදා ඩුබායිහි සිට මෙරටට එවනු ලැබූ ඩෙනිම් රෙදි සහිත බවට සඳහන් කළ පෙට්ටි 15ක තිබී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත්තේ ඒ පිළිබඳ රේගු නිලධාරීන්ට ඇතිවූ සැකයක් මතය. 

ඒ අනුව සිදුකළ විමර්ශන වලදී අදාළ දුම්වැටි තොගය ගෙන්වූ ඇලකන්ද සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword