2009 ජූලි මස 08 වන දින යටියන්තොට ගල්පාත පදිංචි එවක වයස අවුරුදු 22 ක් වූ දීපිකා සුභාෂිණී නමැති ඇඟළුම් සේවයේ රැකියාව කළ තරුණියට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැකකරුට චෝදනා එල්ලවී තිබිණි.
එසේම අදාළ තරුණියගේ රං දම්වැල හා ජංගම දුරකථනය ද සැකකරු විසින් කොල්ලකා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. කෙසේ වෙතත් මෙලෙස මරණ දඬුවම හිමිව ඇත්තේ යටියන්තොට - කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මුරුගයියා චන්ද්‍රමෝගන් නමැති අයෙකුටය.
අද (04) කෑගල්ල පළාත් බද මහාධිකරණයේ නඩුව කැඳවූ අවස්ථාවේදී මංකොල්ලකෑමේ චෝදනා දෙකට වසර 10 බැගින් වසර 20 ක සිරදඬුවම්ද, එක් චෝදනාවකට රු. 10,000 ක බැගින් 20,000 ක දඩයක්ද නියම කිරීමට ද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය කටයුතු කළාය.
එසේම මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමේ වරද සාධාරණ සැකයකින් තොරව තහවුරුවීම නිසා අපරාධකරුට මරණ දඬුවම නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරිය තීරණය කළ බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.
Post a Comment