Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News


මයිකල් ජැක්සන්ගේ දියණිය පැරිස් ජැක්සන් සියදිවි හානිකරගැනීමට උත්සාහ ගෙන තිබේ.
ඇය මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කිරිමෙන් පසුව ජැක්සන්ගේ පවුලේ නිවෙස පිහිටා තිබූ කැලිෆෝර්ණියාවේ කැලබසාස් හි සිට ගිලන් රථයකින් ඇයව රෝහල් ගතකර ඇත. 15 හැවිරිදි පැරිස් ජැක්සන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරුන් පවසා ඇත. ඇයගේ මෙම සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධව ප‍්‍රකාශයක් නිකුක් කර ඇති ජෝර් පිලාන් නම්වූ මාධ්‍යවේදියා පවසා ඇත්තේ ඇය මේ ගෙවන්නේ ඉතා දුෂකර කාලයක් බවයි.
පියාගෙ මරණය සම්බන්ධව කෙරෙමින් යන පරීක්‍ෂණ යන් හිදී ඇය ද සාක්‍ෂි කාරියක ලෙස කැඳවීමට නියමිතව ඇත . ඇය මෙලෙස සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බව පවසා ඇත්තේ පැරිස්ගේ මව වන ඩෙබී රෝව් ය .ඇය සිය දරුවාගේ පෞද්ගලික ජීවිතය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වලට සහ සියල්ලන්ටම ස්තුතිය ප‍්‍රකාශ කර තිබේ. පැරිස් ජීවත්ව සිට ඇත්තේ ඇයගේ මිත්තනිය සමගය.
මයිකල් ජැක්සන් 2009 දි හදිසියේම මිය ගියේ මුළු ලොවක් ම කම්පාවට පත් කරමිණි. ඔහු මිය ගොස් වසර හතරක් සම්පූර්ණ වන්නේ මෙම මස 25 වන දිනටය .පැරිස් සිය පියා ගැන ප‍්‍රකාශ කොට තිබුනේ මෙලෙසය." මට හුගක් මතකයන් තිබෙනවා මගේ තාත්තා ගැන. ඔහු විශ්මිත යි .අපි හැමෝම ඔහුට ඉතා ආදරෙයි".
පැරිස් ජැක්සන් ඖෂධ අධිමාත්‍රාවකින් ගැනීම හෝ ඇයගේ අතේ මැණික් කටුව ආසන්නයේ කැපුම් තුවාලද පවතින බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.
පැරිස් ජැක්සන් මයිකල් ජැක්සන්ගේ එකම දියණිය වන අතර ඇය සියදිවි හානිකර ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණය කර නොමැත.
සිය දරුවන් මහජනයාගෙන් ඈත්කර තබන්නට මයිකල් ජැක්සන් කටයුතු කළ අතර 2009 වසරේ ඔහුගේ මරණයෙන් පසුව පැරිස් ජැක්සන් සාමාන්‍ය ජීවිතයක් ගත කර තිබුණි.
ඇය සියදිවි නසාගන්නට පෙර ට්වීටර් පිටුවේ සඳහන් කර තිබුනේ,"Yesterday, all my troubles seemed so far away. Now it looks as though they're here to stay." යනුවෙණි. පැරිස් ,මයිකල් ජැක්සන්ගේ එකම දියණියයි. ඇයට ප‍්‍රින්ස් සහ බ්ලැන්කට් යනුවෙන් සහෝදරයන් දෙනෛකු සිටී.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword