
ඉන්දීය මධ්‍යම රජය සහ බිහාර් ප්‍රාන්ත රජය විහාරස්ථාන පාලක මණ්ඩලය සමඟ එක්ව විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.
පසුගිය ඉරිදා අළුයම මහාබෝධි විහාරස්ථානයේ පිපිරීම් කිහිපයක් සිදුවූ අතර ඉන් භික්ෂූන් වහන්සේ නමක් සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලැබූහ.
මේ අතර පරීක්ෂණ කටයුතු අවසන් කර ආරක්ෂාව තහවුරු කරන තෙක් මෙරට වැසියන්ට සතියක කාලයක් බුද්ධගයා මහාබෝධි විහාරය වන්දනා කටයුතු වලින් වැළකී සිටින ලෙස ශ්‍රි ලංකා රජය නිවේදනය කර තිබුණි.
ඉන්දියානු මහාබෝධි සංගමයේ බුද්ධගයා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන් ද විහාරස්ථාන පරිශ්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳ අද දෙරණට අදහස් පළ කරමින් කියා සිටියේ අද වන විට සාමකාමී පරිසරයක් දක්නට ලැබෙන බවයි. ඉන්දියානු ආරක්ෂක අංශ විසින් දැඩි ආරක්ෂාවක් තහවුරු කර ඇති බවත් , විහාරස්ථානය තුළට එනු ලබන බැතිමතුන් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බවත්, විශේෂයෙන් ජංගම දුකරථන හා කැමරා උපකරණ ගෙන ඒමට තහනම් කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේ බුද්ධගයා ප්‍රහාරය සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතර සම්බන්ධතාවක් ඇති බව පෙන්වීමට ඇතැමුන් උත්සාහ දරන බවයි.
Post a Comment