
අද(09) පස්වරු දෙකයි තිහට පමණ සමන්එළිය , එස්.ඩි.ඇළ පාර ප්‍රදේශයේ කුඹුරුයායක ගොයම් කපමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය පැවසුවේය.
අධික වර්ෂාවත් සමඟ මෙම පිරිස අසළ පිහිටි පැළකට ගොස් ඇති අතර එහි සිටියදී අකුණුසැර වැදී තිබේ.
ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 61 හැවිරිදි කාන්තාවකි.
තවත් හය දෙනෙක් අකුණුසැර වැදීමෙන් ඇති වු කම්පනය හේතුවෙන් රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
රෝහල්ගත කර ඇති පිරිස අතර 12 හැවිරිදි පිරිමි දරුවෙකු සහ කාන්තාවන් තිදෙනෙකු ද වන බව සඳහන් වෙයි.
තුවාල ලැබූවන් තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇති බව පොලීසිය පැවසුවේය
Post a Comment