Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News


ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ ගාසා තීරයේ සහන සේවකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙක් තංගල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී 2011 වසරේ දෙසැම්බර් මස 25වන දින ඝාතනය කිරීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට නොයාම පිළිබඳ දැඩි කලකිරීමට පත්ව ඇති බව බ්‍රිතාන්‍යය පවසයි.

කුරාම් ෂෙක් නමැති විදේශීය සංචාරකයා ඝාතනයට ලක්වෙමින් හා ඔහුගේ පෙම්වතියට කෲර ලෙස විධ හිංසා පැමිණවීමෙන් සිදු කළ අපරාධයට මේවන විට මාස 18ක් පමණ ගතවී ඇතත්ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ තමන් දැඩි කලකිරීමෙන් පසුවන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම අපාරධයට අදාළව යුක්තිය ඉටුවීම, කුරාම් ෂෙක්ගේ පවුලේ උදවියට මෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ටද එක සේ වැදගත් වන බව එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

තංගල්ල වෑමැඩිල්ල ප්‍රදේශයේ හෝටලයකදී මෙම විදේශීය ජාතිකයා ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප මහතා පොලීසිය මගහරිමින් සිට පසුව පොලීසියට භාරවිය. පසුව ටික දිනක් රිමාන්ඩ් භාරයේ සිටි ඔහු පසුව ඇප ලබා නිදහස් විය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword