Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ඉන්ද්‍රරතන හිමියන් ගවයන් වෙනුවෙන් තම ජීවිතය ගිනිතබා ගනිද්දී...භික්ෂුන්ට රියදුරු බලපත් ඉල්ලා පෙත්සමක්....

බුදු රජාණන් වහන්සේ මේ සමයේ වැඩ සිටියා නම් භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර ලබා දිය යුතු බවට ශික්ෂා පදයක් පනවනු ඇතැයි ආචාර්ය පරගොඩ විමලවංශ හිමියෝ පවසති.

භික්ෂුන්ට රිය පැදවීම අකැප බවට විනය පිටකයේ කිසිදු සඳහනක් නොවන බව පවසන එහිමියෝ වර්තමානයේ ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජය බරපතල ගමනාගමන ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බව පැවසූහ.
එබැවින් භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමට ආණ්ඩුව ගෙන තිඛෙන තීන්දුව අහෝසි කළ යුතු බව අධිකරණයට යොමු කළ පෙත්සමකින් උන්වහන්සේ ඉල්ලා සිටිති.බුදු දහම පවතින වෙනත් රටවල භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන බව ආචාර්ය විමලවංශ හිමියෝ පෙන්වා දෙති.

බුදු දහම ඉගෙන ගෙන නෑ හුඟක් දෙනෙක්. ඒ නොදන්න කමට ඒගොල්ල කල්පනා කරනව භික්ෂුන් වහන්සේ කෙනෙක් වාහන පැදවීම වැරදියි කියල එහිමියෝ පැවසූහ.

මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයා ඉදිරිපත් කොට තිබූ විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය පෙත්සම ඔක්තෝබර් 22 වැනි දින විභාගයට ගැනීමට තීන්දු කළේය.

භික්ෂුන්ට රියදුරු බලපත් බුදුන් වහන්සේ අනුමත කරාවිද?

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword