ඒ බව බ්‍රිට්ෂ් ඒයාර්වේස් සමාගම පවා නිවේදනය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ අද (04) කොළඹ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍යය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. එසේ වුවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය පරීක්ෂණයක් සිදුකරන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කතා නොකරන බව පැවසු ඇමතිවරයා, ක්‍රිකට් ලෝක ශුරතාවය දිනාගත් විට පවා නොලැබුණු ප්‍රචාරයක් තම පුතාට ලැබී ඇතැයි පෙන්වාදුන්නේය.
මෙවැනි සිදුවීම්වලට ජනප්‍රියම පුද්ගලයා තමා යයි මෙතෙක් සිතා සිටියද දැන් තවත් කෙනෙක් සටනට එන බවත්, ඒ අන් කිසිවෙකු නොව තම පුතා යයි ද අමාත්‍යවරයා හාස්‍යයෙන් යුතුව කියා සිටියේය.
Post a Comment