ඒ අනුව උතුරේ ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකෙරෙනු ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම මධ්‍යම සහ වයඹ පළාත් සභා අද(05) දිනයේ විසිරුවා හැරෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි.
අදාළ පළාත් සභාවල කඩිනම් මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් ආණ්ඩුකාරවරුන් විසින් පළාත් සභා විසුරුවා හැරීම පිළිබඳ නිවේදනය අද දිනයේ නිකුත් කරනු ඇත.
මේ වන විටත් මධ්‍යම හා වයඹ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ නිල ඉල්ලීම අනුව පළාත් සභාවන් විසුරවීමට අදාළ නිවේදනයට තමන් අත්සන් තැබූ බව පළාත් දෙකෙහි ආණ්ඩුකාරවරු පවසති.
එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය. අද දිනයේ පළාත් සභාව විසුරුවා හරින බව මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණි.
ලබන සැප්තැම්බර් මාසයේදී වයඹ, උතූරු මැද සහ උතුරු පළාත්වල මැතිවරණයක් පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ.
Post a Comment