Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ගෝමරන්කඩවෙල ප්‍රා.සභාපති අල්ලන්න වරෙන්තුපොලිස් නිලධාරීන්ට බැන තර්ජනයක් කිරීමක් සම්බන්ධයෙන් ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රීකුණාමලය අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බව අප වාර්තාකරු පවසයි. 

මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස චෝදනා ලැබ ඇත්තේ, ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.බී.චන්දන කුමාර මහතාය. 

චෝදනා හයක් යටතේ අදාළ සභාපතිවරයා බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රීකුණාමලය අධිකරණය විසින් පොලීසියට නියෝග කර ඇති බව අප වාර්තාකරු කියයි. 

දින කිහිපයකට පෙර ගෝමරන්කඩවල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් සම්බන්ධයෙන් සභාපතිවරයා පොලිසියට පැමිණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා පැමිණෙන ලෙස හැසිරීම වරෙන්තු නිකුත් කිරීමට හේතුව බව සඳහන්ය. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ,තමා පොලිසියට ගොස් බැන තර්ජනයක් කිරීමේ සිදුවීමක් කිසිසේත් සිදු නොවු බවයි. 

ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් සමතයකට පත් කිරීම සඳහා ගෝමරන්කඩවල පොලිසියේ සේවයේ නියුතුව සිටි වැඩබලන පොලිස් සථානාධිපතිවරයා සිය නිවසට පැමිණ තමා රැගෙන ගිය බවත්, එහිදී දෙපිරිසේ ආරවුල සමතයකට පත් කොට නැවත නිවසට පැමිණි බවත් හෙතෙම කියා සිටියේය. 

ඊට දින කිහිපයකට පසු ගෝමරන්කඩවල පොලිසියට පැමිණි නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා යම් පිරිසක් විසින් නොමග හැරීම තමා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කිරීමට මූලිකව බලපා ඇති බව සභාපතිවරයා පැවසුවේ යැයි අප වාර්තාකරු වැඩිදුරටත් කීවේය. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword