Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

කළමනාකරුට පහරදුන් සිව් දෙනෙක් දැලේමාදම්පේ - සුදුවැල්ලේ පිහිටි පරණ යකඩ උණු කර නැවත යකඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට කඩා වැදී එහි කළමනාකාවරයා කඩුවකින් කපා තුවාල සිදු කළ බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් සිව් (04) දෙනෙකු හලාවත කොට්ඨාසයේ නොවිසිඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඉකුත් ජුනි මස 14 වැනි දින මෙම ආයතනයට කඩා වැදුණු ආයුධ වලින් සන්නද්ධ පිරිසක් විසින් මෙම පහර දීම සිදු කර තිබුණි. 

එම ආයතනයේ කළමනාකරු ලෙස සේවය කළ ජයවීර ආරච්චිලාගේ රසික ජයවීර යන අය එහිදී බරපතළ ලෙස කැපුම් තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කරන ලදී. 

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන එක් සැකකරුවෙකු ජුනි මස 16 වැනි දින මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය. 

මාදම්පේ - සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව අසන්නයේ පිරිසක් කඩු පොලු සහ ආයුධ සන්නද්ධව සිටින බවට ලද තොරතුරක් මත මාදම්පේ පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට කඩා වැදීමෙන් පසු රැස්ව සිටි පිරිස පලාගියත් එක් අයෙකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇත. ඔහු සතුව තිබී විදේශීය රටක නිපදවන ලද ජීව අත් බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන තිබුණි. 

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු හලාවත කොට්ඨාසයේ නොවිසුඳුණු අපරාධ විමර්ශන අංශයට භාර වී ඇති අතර ඔවුන් විසින් සිදු කරන ලද විමර්ශන වලින් පසුව සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත. 

පසුව තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසියට භාර වී තිබේ. 

මෙම පහර දීම කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බවට පොලීසිය තොරතුරු හෙළිකර ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර එම කොන්ත්‍රාත්කරුද වේ. 

සැකකරුවන් සතුව තිබී අශ්ව බල 650 ක් වු ලියාපදිංචි නොකළ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍යය පරණ යකඩ මිලදී ගැනීමෙදී දෙපාර්ශවයක් අතර සිදුවී ඇති බව කියන මත ගැටුමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව පොලීසිය කියයි. 

සැකකරුවන් හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මාදම්පේ පොලීසියට භාර දී ඇත. 

හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword