
පසුගිය දා ලබුදූව ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණි පුද්ගලයෙකුට මෙම චීවරධාරියා විසින් පහරදී ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ එම පුද්ගලයා ඊයේ රාත්‍රී මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු හිටපු පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්න්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ගාල්ල පොලීසිය අදාළ චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment