අනතුරුව මුන්නේශ්වරම භද්‍රකාලි දේවාලයටද ගිය මෙම කාන්තා සාමාජිකාවන් පිරිස එහිදීද දේව පුජාවක් පවත්වා පොල් ගසා තම නායකත්වයට එල්ලවී ඇති සතුරු කරදර ඉවත් කර දෙන ලෙසට දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.
භද්‍රකාලි දේවාලයේ දේව පුජාවට සහභාගිවීමට පැමිණ සිටි කාන්තාවන් ඇමතු මහේන්ද්‍රන් සාමි පුජකවරයා මෙසේ පැවසීය "අපි ඇමතිතුමත් එක්ක තරහා නෑ. අපිට කරපු දේ අපි කිව්වේ දෙවියන්ට විතරයි.අපිට ගැහුවා කියලා අපි ගහන්න යන්නේ නෑ. ඇමති තුමාටත් එන්න කියන්න. අපි සෙත් ශාන්තියක් කරලා දෙන්නම් ගමේ දේවාලයේ පුජාවට ගෙනවිත් හිටපු එළුවෝ අරගෙන ගියා කියලා අපි ඇමතිතුමත් එක්ක කිසිම තරහක් නෑ"
දේව පුජාවෙන් පසුව මාධ්‍යය ඇමතූ මෙම දේව පුජාව සංවිධානය කර තිබු කැලණිය ආසනයේ කාන්තා බල මණ්ඩලයේ සභාපතිනි දමයන්ති පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය. "අපේ ඇමතිතුමා කිවුවේ කාලි මෑණීයන්ට කරන ගෞරවයක් ලෙස එළුවෝ,කුකුල්ළු මරන්න එපා කියලා විතරයි. මිනිස්සු මරන්න කියලා කිව්වේ නෑ.නමුත් මෑතක සිට එක්තරා සංවිධානාත්මක පිරිසක් ඇමති මර්වින් සිල්වා මහතාටත්, ඒ මහතාගේ පුතාටත් විශාල ලෙස පහර දෙනවා.ඊට එරෙහිව දෙවියන්ට කියන්නයි අපි මේ ගමන ආවේ."
කෙසේ වෙතත් 2011 සැප්තැම්බර් මස 11 වැනිදා දින මුන්නේශ්වරම කාලි දේවාලයට තවත් පිරිසක් සමග පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පුජාවන් සඳහා ගෙනවිත් තිබු එළුවන් සහ කුකුළන් රැගෙන ගියේය. දින කීපයකට පසුව එම සතුන්ව ඔවුන්ගේ භාරකරුවන්ට බාර දුන් බවද ඉන් පසුව පැවසුණි.

Post a Comment