Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මානව හිමිකම් කඩවීම ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුමයියුද සමය අවසානයේදී ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ යළිත් අවධාරණය කරයි. 

මෙම ගැටලුවට හේතු වූ මූල බීජය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ඉන් අගතියට පත්වූවන්ට යුක්තියක් ඉටුකළ යුතු බව ඇයගේ අදහසයි. 

බී.බී.සී. මාධ්‍ය ආයතනය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී ඇය මේ බව පවසා තිබේ. 

ඒ අනුව ලබන ලබන අගෝස්තු 25 වනදා සිට 31 වනදා දක්වා තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී සංවර්ධනය ක්‍රියාදාමයන් සියැසින් දැක ගැනීමට හැකිවනු ඇති බවත් ඇය විශ්වාසය පළකර ඇත‍. 

එසේම එම සංචාරයේදී ශ්‍රී ලංකාවේ බොහෝ පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමට හැකි වෙතැයි ද ඇය පවසා තිබේ. 

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය අගොස්තු මස 25 වනදා සිට 31 දක්වා මෙරට සංචාරය කිරීමට අපේක්ෂා කරන බව ජිනීවා හි නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා ද මීට පෙර තහවුරු කර තිබුණි. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword